ප්‍රංශයේ වෙඩි තැබීමක්



ප්‍රංශයේ ස්ටාර්ස්බර්ග් නුවර නත්තල් පොළක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 8 කි.

වෙඩි තැබීම කළ පුද්ගලයා වහා එතැනින් පලා ගොස් ඇති බවත්, ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් ප්‍රංශ පුවත් සේවා වාර්තා කරයි. කෙසේ නමුත් 29 හැවිරිදි එම පුද්ගලයා පොලිසිය විසින් හඳුනාගෙන ඇති බව ද පැවැසෙයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ප්‍රංශ ත්‍රස්ත මර්දන පොලිස් ඒකකට මැදිහත් වී දිගටම පරීක්ෂණ කටයුතු සිදු කරයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS