ප්‍රංශ මුදල් ඇමැතිට කොරෝනා



ප්‍රංශ මුදල් අමාත්‍ය බෲනෝ ලෙ මරී කොරෝනා ආසාදිතයකු බව ඊයේ (20) තහවුරු විය.

ප්‍රංශ පුවත් සේවා වාර්තා කර ඇත්තේ, මුදල් අමාත්‍යවරයාගේ තත්ත්වය බරපතල නොවන බවත්, ඔහු නිරෝධායනයට යොමු කළ බවත්ය.

ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ නව ආසාදිතයන් ගණන 13,500 කි. මේ වනවිට ප්‍රංශයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 4,67,000 කි. මරණ වාර්තා වන්නේ 31,200 ක් ලෙසිණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS