පක්ෂ මහ සමුළුව ඇරැඹේ



චීනයේ ඉදිරි ගමන් මඟ සම්බන්ධයෙන් සහ ඉදිරියේදී චීනයේ නායකයා විය යුත්තේ කවුරුද සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ මහ සමුළු දැඩි ආරක්ෂාවක් මැද  බීජීං අගනුවරදී පැවැත්විණි.

සමුළුව මෙම සතිය පුරා පැවැත්වෙන බව ද පැවැසෙයි. ඊට කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් ද ඇතුළු නියෝජිතයෝ 2,000 කට වැඩි පිරිසක් සහභාගී වෙති.

චීන ජනාධිපතිවරයා මෙන්ම, කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ද වන්නේ ෂී ජින්පින්ය. පක්ෂ නියෝජිතයන් අමතමින්, ජනපතිවරයා විශේෂ දේශනයක් ද පැවැත්වීය. ෂී ජින්පින් චීනයේ ජනාධිපති ධුරයට පත්වූයේ 2012 වසරේදීය.
චීන කොමියුනිස්ට් පක්ෂ මහ සමුළුව සෑම පස් වසරකට වරක් පැවැත්වෙයි. එසේ රැස්වන නියෝජිතයෝ ඉදිරි පස් වසර සඳහා තීන්දු තීරණ ගැනීම සිදු කරති.

චීනයේ මීළඟ නායකයා විය යුත්තේ කවුරුද, ඉදිරි පස් වරක කාලයේ, චීනය කෙසේ ඉදිරියට යා යුතු ද යනාදී වශයෙන් වැදගත් තීන්දු තීරණ ගන්නේ මෙම පක්ෂ මහ සමුළුවේදීය. ඒ, ඉතා රහසිගතවය. සමුළුව මෙම සතිය පුරා පැවැත්වෙනු ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS