පක්ෂ නායකත්වය අබේට



ජපානයේ පාලක පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර, තවදුරටත් පක්ෂයට නායකත්වය දීමට අගමැති ධුරයේ කටයුතු කරන ෂෙන්සෝ අබේට හැකියාව ලැබුණි.

ජපනානයේ පාලක පක්ෂය වන්නේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයයි. 63 හැවිරිදි අගමැති ෂෙන්සෝට අභියෝගයක් වෙමින් පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත් වුණු අනෙක් ප්‍රතිවාදියා ආරක්ෂක ඇමැති ෂිගෙරු ඉෂිබාය.

ජපාන අගමැතිවරයා තවදුරටත් පක්ෂ නායකයා ලෙස කටයුතු කළ යුතු බව පවසමින් 553 දෙනකු ඡන්දය ප්‍රකාශ කර තිබුණි. විරෝධය දැක්වූයේ 254 දෙනකු පමණි. ලබන 2019 වසර අවසන් වනතුරු පක්ෂ නායකත්වයේ රැඳී සිටීමට හැකිවුවහොත්, වැඩිම කාලයක් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය දැරූ තැනැත්තා වනු ඇත්තේ අබේය.

(රොයිටර්)


RECOMMEND POSTS