නේපාලයට චීනයෙන් අවසරය



වෙළෙඳ කටයුතු සඳහා තම භූමිය සහ වරාය භාවිතා කිරීමට නේපාලයට අවසරදීමට චීනය කැමැත්ත පළ කර ඇත.

හිමාල අඩවියට අයත් නේපාලය, භූමියෙන් වටවුණු රාජ්‍යයක් වන අතර මේවනතුරු වෙළෙඳ කටයුතු සිදු කළේ ඉන්දියාව හරහාය.

ඒ අනුව මින් ඉදිරියට නේපාලයට ඉන්දියාව මත පමණක් ‘යැපෙන්න’ සිදු නොවනු ඇතැයි ජගත් දේශපාලන විෂ්ලේෂකයෝ පෙන්වා දෙති.

චීන රජය වැඩිදුරටත් පවසා ඇත්තේ ඔවුන්ගේ වරාය හතක් නේපාලයේ භාවිතයට ලබාදීමට තමන් කැමැත්ත පළ කර ඇති බවය. මේ සම්බන්ධයෙන් නේපාල අගමැති ප‍්‍රසාද් ෂර්මා  ඕලී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප‍්‍රසාදය පළ කර ඇති බව විදෙස් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

දෙරට අතර මෙම නව එකඟතාව සම්බන්ධයෙන් ඊට අදාල ගිවිසුම් අත්සන් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇතැයි ද පැවැසෙයි. චීනය මේ අයුරින් නේපාලය සමඟ හිතවත්කම් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව වැඩි කැමැත්තක් නොදක්වනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

(රොයිටර්ස්)


RECOMMEND POSTS