නෙදර්ලන්ත අගමැතිට අම්මා බලන්න ඉඩ ලැබිලා නෑ



'කොවිඩ් 19'  වයිරසය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ පැනැවූ තහංචි හේතුවෙන් මරණාසන්නව සිටි තම මව බැලීමට හෝ ඇගේ අවමංගල්‍යයට හෝ සහභාගී වීමට නොහැකි වුණු බව නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට් කියයි.

'මට මගේ අම්මා බලන්න බැරිවුණා. ඇය අවසන් සුසුම් හෙලද්දී, මට ළඟ ඉන්න බැරිවුණා. අගමැති වුණත් මට විශේෂයක් ලබා ගන්න විදියක් නැහැ. මා සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි. සෞඛ්‍ය අංශ පනවා ඇති නීතිවලට යටත් විය යුතුයි. අම්මාගේ අවමංගල අවස්ථාවටවත් මට යන්න බැරිවුණා' යැයි නෙදර්ලන්ත අගමැති පවසා තිබේ.

අගමැති රූට්ගේ මව 96 හැවිරිදි මිකේ රූට්, අවසන් කාලයේ ජීවත් වූයේ හේග් නුවර වැඩිහිටි නිවාසයක වෛද්‍ය සහාය ලබමිනි.

'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය හේතුවෙන් වැඩිහිටි නිවාසවලට යෑම තහනම් කෙරුණි. අගමැතිගේ මව මරණාසන්න වූයේත්, අවසන් සුසුම් හෙළුවේත් එම තහංචි පවතිද්දීය.

හේග් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS