නිව්යෝක් ටයිම්ස් - සී.එන්.එන්. මාධ්‍ය ආයතනවලට තහනමක්



ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් නාළිකාවේ සහ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදීන්ට ධවල මන්දිරය ‘තහනම්’ බව ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

තමා සහ තම පරිපාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ජනතාව කුපිත කරවන විධියේ පුවත් පළ කරන මාධ්‍ය ආයතන දෙකක් ලෙස ජනපති ට්‍රම්ප් සී.එන්.එන්. සහ නිව්යෝක් ටයිම්ස් හඳුන්වා දී තිබේ.

ජනපති ට්‍රම්ප් වැඩි දුරටත් චෝදනා කර ඇත්තේ මෙම මාධ්‍ය ආයතන ‘බොරු පුවත්’ පළ කරන බවය.

මින් ඉදිරියට ධවල මන්දිරයේ පැවැත්වෙන කිසිදු මාධ්‍ය හමුවකට මෙම මාධ්‍ය ආයතන දෙකෙහි මාධ්‍යවේදීන් සහභාගී කර ගන්නේ නැතැයි ද ධවල මන්දිර මාධ්‍ය ඒකකය පවසා ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS