නිරුවතින් ඇවිත් වෙඩි තියලා



ඇමෙරිකාවේ ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ නගරයක රස කැවිලි අවන්හලක සිදුවුණු වෙඩි තැබීමකින්, සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

වෙඩි තැබීම කළේ ඇමෙරිකන් සුදු ජාතික තරුණයකු බවත්, ඔහු 29 හැවිරිදි ට්‍රැවිස් රින්කින් නමැත්තා බවත් හඳුනා ගෙන ඇත. වෙඩි තැබීමෙන් පසු ට්‍රැවිස් රින්කින් පලා ගිය බවත් ඔහු සොයා පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය කියයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ට්‍රැවිස් රින්කින් වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ ඒ.ආර්. 15 රයිෆලයකි.

වෙඩි තැබීමෙන් පසු පැළැඳ සිටි ජැකට්ටුව ගලවා විසි කරමින්, නිරුවතින් වෙඩික්කරු පලා ගියේ යැයි සිද්ධිය දුටුවෝ පවසති. වෙඩි ප්‍රහාරයට ලක් වුණු තවත් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS