නියෝග දහයකට අත්සන් තබයි



‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන් මේ වනවිට විධායක නියෝග දහයකට අත්සන් තබා ඇත.

එම විධායක නියෝගවලට අනුව එන්නත්කරණ වැඩසටහන වේගවත් කරන අතර නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනාගන්නා පරීක්ෂණ ද වැඩි කිරීමට නියමිත ය. ඊට අමතරව මුඛ ආවරණ වැනි අත්‍යවශ්‍ය නිෂ්පාදනය වැඩි කිරීමට ද පියවර ගැනේ.

“නව කොරෝනා වයිරසය පරාජය කරන්න මාස ගණනක් ගත වේවි. ඒත් අපේ ජනතාව, සියලු දෙනා එකට සිටියොත් අපි හැමෝටම එක්ව මෙය පරාජය කරන්න පුළුවන්” යැයි නව ක්‍රියාමාර්ග නිවේදනය කරමින් ජෝ බයිඩන් ප්‍රකාශ කළේය.

ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් දිනකට පසු මෙම පියවර ගැනිණි.

“කොවිඩ්-19” වසංගතය කිසිදු පාලනයකින් තොරව ඇමෙරිකාව පුරා ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට දැඩි චෝදනා එල්ල විය.

“කොවිඩ්-19” හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ ද වැඩිම වයිරස ආසාදිතයන් සහ වැඩිම වයිරස ආසාදිත මරණ වාර්තා වන්නේ ද ඇමෙරිකාවෙනි.

ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව එරටින් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 406,000 ගණන ඉක්මවන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 24.5 ඉක්මවයි.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS