නිදහස් සාධාරණ මැතිවරණයක් ඉල්ලති



නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන්නැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට බල කරමින්, එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් මොස්කව් අගනුවර විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

විරෝධතාවට 20,000 ක පිරිසක් සහභාගී වුණු බව වාර්තා වේ. රුසියාවේ කැපී පෙනෙන විපක්ෂ ක්‍රියාකාරියකු වන ඇලෙක්සි නවල්නි ද විරෝධතා රැළියට එක් වී සිටි බව වාර්තා වේ.

විරෝධතාව පැවැත්වූටේ සැප්තැම්බරයේ රුසියාවේ පැවැත්වීමට නියමිත මැතිවරණයට ඉදිරිපත් වීමට විපක්ෂ අපේක්ෂකයන්ට අධිකරණයෙන් බාධා එල්ල වීමත් සමඟ යැයි රුසියන් පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS