නාසා යානය ග්‍රහකයක් අල්ලන්න සැරසෙයි



විශ්වයේ ඈත, පැයට කිලෝ මීටර් 1,01,000 ක වේගයකින් ඇදී යන ග්‍රහකයක් පසුපස ලුහුබැඳ ගොස්, ඊට ගොඩබෑමට ඇමෙරිකාවේ නාසා ආයතනයේ රොබෝ යානයක් සූදානම් වෙයි.

මෙම වික්‍රමයට සූදානම් වන්නේ ඔසයිරිස් රෙක්ස් නමැති මෙම රොබෝ යානයයි. රොබෝ යානයේ ඉලක්කය වන ග්‍රහකය නම් කර ඇත්තේ බන්නු යනුවෙනි. තාරකා විද්‍යාඥයන් බන්නු ග්‍රහකය සෙයා ගත්තේ 1999 වසරේදීය. වසර 2021 දී මීටර් 20 ක් පළලැති බන්නු ග්‍රහකය, පෘථිවියේ හැපෙනු ඇතැයි ගණනය කිරීම්වලින් අනාවරණය වී තිබේ. එසේ වුවහොත් එය පෘථිවියේ අවසානය ද වනු ඇතැයි පැවැසෙයි.

බන්නු ග්‍රහකයට සමාන්තර වේගයකින් ගමන් කරන්න වූ රොබෝ යානය ඊයේ (20) ග්‍රහකය මතුපිටට ගොඩබෑමට නියමිතව තිබුණැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්විණි. ඔසයිරිස් රෙක්ස් යානය, රොකට්ටුවක ආධාරයෙන් පෘථිවි කක්ෂයට ගොස් ඉන්පසු බන්නු ග්‍රහකය බලා පිටක්වීම සිදුවූයේ මීට වසර 4 කට පෙර 2018 වසරේදීය.

බන්නු ග්‍රහකය වැලිවලින් සමන්විත වන අතර, එහි සවිමත් පෘෂ්ඨ ඇත්තේ කීපයක් යැයි නාසා විද්‍යාඥයන් හඳුනාගෙන තිබේ. ඒ අනුව, ග්‍රහකයේ වේගයට සමාන වේගයෙන් ගමන් කරමින්, සවිමත් පෘෂ්ඨයක් ඇති ස්ථානයකට යානය ගොඩබෑම ඉතා අසීරු කටයුත්තක් බව මෛහයුමට සම්බන්ධ නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. දශමයකින් හෝ වැරදීමක් සිදුවුවහොත්, මෙහෙයුම අසාර්ථක වීමට ඉඩ ඇති බව ද නාසා විද්‍යාඥයෝ අවධාරණය කරති.  

ග්‍රහකය මතුපිටට ගොඩබෑමෙන් පසු, යානය ඊට සවි කළ රොබෝ අත යොදා ගනිමින් සාම්පල රැස් කිරීම සිදු කරනු ඇතැයි ද පැවැසෙයි.  සාම්පල ලබා ගැනීමෙන් පසු යළි පෘථිවියට පැමිණීමට ඔසයිරිස් රෙක්ස් යානයට උපදෙස් ලැබී ඇති බවත් නාසා වැඩිදුරටත් කියා සිටී. යානය පෘථිවියට පැමිණෙනු ඇත්තේ 2023 වසරේදීය.

අනාගතයේ දිනක පෘථිවියට තර්ජනයක් විය හැකි යැයි පැවැසෙන බන්නු ග්‍රහකය, සෞරග්‍රහ මණ්ඩලය ආරම්භයේ දී සිදුවුණු පිපිරීම් සහ හැලහැප්පීම් හේතුවෙන් කැඩී වෙන්වී ගිය ග්‍රහක කැබැල්ලකි. එහි දූවිලි අංශු පරීක්ෂා කිරීමේදී විශ්වයේ රහස් පමණක් නොව, ජීවය ආරම්භයේ රහස් ද අනාවරණය කර ගැනීමට නාසා විද්‍යාඥයෝ සැරසෙති.

නාසා ආයතනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS