නායකයාට ස්විස් කෑමක්



පැවැත්වීම නියමිත ‘කොරියා’ සමුළුවේදී, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙනුවෙන් ස්විට්සර්ලන්ත භෝජන සංග්‍රහයක් පැවැත්වෙනු ඇතැයි දකුණු කොරියානු රජය කියයි.

කොරියානු සමුළුව පැවැත්වෙන්නේ ලබන 27 වැනිදාය. ඒ, කිම් ජොන් උන්ගේත් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේත් ප්‍රධානත්වයෙනි. සමුළුව පැවැත්වෙන්නේ දෙරට දේශසීමා කලාපයේය.

කිම් ජොන් උන්ට මෙසේ ස්විට්සර්ලන්ත කෑම වට්ටෝරුවකින් සමන්විත භෝජන සංග්‍රහයක් පිළිගැන්වීමට දකුණු කොරියාව තීරණය කර ඇත්තේ ඔහුගේ පාසල් අවදිය සිහි කිරීම සඳහාය.

උතුරු කොරියානු නායකයා අධන්‍ාපනය ලබා ඇත්තේ ස්විට්සර්ලන්තයේය. පාසල් යද්දී ඔහුගේ ප්‍රියතම ආහාරය වී ඇත්තේ අල දමා සකසන ලද ස්විට්සර්ලන්ත කෑමකි. සමුළුවේදී, එය ඔහුට පිළිගැන්වීමට නියමිත බව පැවැසෙයි.

ඊට අමතරව, දකුණු කොරියානුවන් ඔවුන්ට ආවේණික මුහුදු ආහාර රැසක් ද සමුළුව වෙනුවෙන් සකස් කෙරෙනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS