නවසීලන්තයේ පිහි ඇනුමක්



නවසීලන්තයේ ඩනීඩන් නුවර සුපිරි වෙළෙඳසැලක් තුළ සිදුවුණු පිහි ඇනුමකින් පස් දෙනෙක් තුවාල ලැබූහ. පිහි ඇනුම කළ කළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කළ බව ද වාර්තා වේ.

සිද්ධිය සැලවුණු සැණින් ඒ ගැන සොයා බලා මාධ්‍ය හමුවක් කැඳවීමට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් පියවර ගත්තාය. එය කනගාටුදායක සිදුවීමක් බවත්, ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවත් ඇය මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළාය.

පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ගැන විස්තර මෙතෙක් මාධ්‍ය වෙත නිකුත් කර නැතැයි ද පැවැසෙයි.

ඩනකීඩන් (රොයිටර්)


RECOMMEND POSTS