නයිරෝබී හෝටලයකට පහර දෙති



කෙන්යාවේ නයිරෝබී නුවර සුඛෝපබෝගී හෝටලයකට ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කඩා වැදී කළ ප්‍රහාරයකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ප්‍රහාරය එල්ල වූයේ නයිරෝබී අගනුවර, වෙස්ට්ලෑන්ඞ් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සුඛෝපබෝගී හෝටලයටය. හෝටලය පිහිටා ඇත්තේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නිවාස සහ කාර්යාල පිහිටා ඇති ආරක්ෂිත කලාපයක බව ද පැවැසෙයි.

ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ සෝමාලි අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් යැයි අනුමාන කෙරේ. අල් ෂෙබාබ් යනු අප්‍රිකා අර්ධද්වීපයේ ක්‍රියාත්මක අල් කයිඩා ත්‍රස්ත ජාලයට සම්බන්ධ කණ්ඩායමකි.

අත්බෝම්බ සහ ගිනිඅවිවලින් ද සන්නද්ධ වූ ඉස්ලාමීය ත්‍රස්තයන් හෝටලයට කඩා වැදී වෙඩි තබන්න වූ අවස්ථාවේදී කෙන්යා හමුදාව වහා ක්‍රියාත්මක වී හෝටලය වට කර ඇත. එම අවස්ථාවේදී දෙපිරිස අතර දරුණු අවි ගැටුමක් හටගත්තේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS