නයිජීරියාවේ ප්‍රබල පිපිරීමක්: 25 ක් මියයති



මධ්‍යම නයිජීරියාවේ කෝගී පළාතේ, අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ පෙට්‍රල් බවුසරයක් පෙරැළී ගිනිගෙන පිපිරීමෙන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

පෙට්‍රල් බවුසරය අනතුරට පත් වූයේ ලොකෝජා අබුජා නගර අතර දිවෙන අධිවේගී මාර්ගයේදීය. වේගයෙන් ධාවනය වූ බවුසරය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකි වී තිබේ. එය පෙරැළී යෑමට පෙර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථ පහක ගැටී ඇතැයි ද පැවැසෙයි.

අබූජාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS