නයිජීරියා මහමැතිවරණය අවසන් මොහොතේ කල් යයි



පැවැත්වීමට නියමිතව තිබුණු නයිජීරියාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් මොහොතේ සතියක් කල් දැමීමට  එරට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත.

මැතිවරණය කල් දැමීමට තීරණය කර ඇත්තේ එය ආරම්භ වීමට පැය පහක් තිබියදීය. මැතිවරණ ක්‍රියාදාමයේ හටත් ගැටලු හේතුවෙන් එය ලබන 23 තෙක් දිනයේ පැවැත්වීමට තීරණය කළේ යැයි මැතිවරණ කොමිසම පැහැදිලි කර ඇත.

අබූජාහිදීය (රොයිටර්ස්)
    


RECOMMEND POSTS