දෝශාභියෝගය ඉදිරිපත් කළ යුතුයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව ඇමෙරිකන් පාර්ලිමේන්තුවට (කොංග්‍රසය) ඉදිරිපත් කිරීමට නියමිත දෝශාභියෝගය සම්බන්ධයෙන් ධවල මන්දිරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ට්‍රම්ප් කිසිදු වරදක් කර නොමැති බවය.

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයට අදාල විමර්ශනයක්, කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විශේෂ විනිසුරු මඬුල්ලක් හමුවේ පැවැත්වෙන අතර, එම විනිසුරු මඬුල්ල  කියා සිටියේ, ජනපති ට්‍රම්ප් සිය ජනපති බලතල අයුතු ලෙස භාවිත කර ඇති බව තහවුරු වන හෙයින් ඔහුට එරෙහි දෝශාභියෝය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත්ය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS