දුම්රියක හැපීමෙන් 58 ක් මරුට



උතුරු ඉන්දියාවේ, අම්රිත්සාර් නගරයේ ආගමික සැණකෙලියකට සහභාගී වෙමින් සිටි 59 දෙනකු දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූවන්ගේ ගණන 100 කට ආසන්නය.

මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් බව පැවැසෙයි. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පොලිස් ප‍්‍රධානී සුරේෂ් අරෝරා පවසා ඇත.

මෙසේ දුම්රියේ ගැටී ඇත්තේ දුෂ්රා නමැති හින්දු ආගමික සැණකෙළියට සහභාගී වූ පිරිසක යැයි වාර්තා වේ. ආගමික සැණකෙළිය පැවැත්වූ ස්ථානයේ දුම්රිය මාර්ගයක් වැටී ඇත. දස දහසකට වැඩි පිරිසක් සැණකෙළි භූමියට පැමිණ සිටි අර ඔවුන් දුම්රිය මාර්ගයේ සිට සැණකෙළිය නරඹමින් ඇත.

සීඝ‍්‍රගාමී දුම්රිය එම ස්ථානයෙන් ගමන් කර ඇත්තේ නලාව නාද කිරීමක් හෝ වේගය අඩු කිරීමකින් හෝ නොවන බව සිද්ධිය දුටුවෝ පවසති.

(එන්.ඞී.ටීවී.)

 


RECOMMEND POSTS