දිවුරුම් දීමට මෝදි ගිහිල්ලා



මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රහීම් මොහොමද් සෝලී දිවුරුම් දුන්නේය. දිවුරුම් දීමේ උත්සවයට විශේෂ ආරාධිත අමුත්තකු ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහභාගී විය.

පසුගිය වසර 7 ක කාලයේ කිසිදු ඉන්දීය අගමැතිවරයකු මාලදිවයිනට පැමිණ නැතැයි පැවැසෙයි. අවසන් වරට ඉන්දීය අගමැතිවරයකු මාලදිවයිනට පැමිණ ඇත්තේ 2011 නොවැම්බරයේය. ඒ, අගමැති ආචාර්ය මන්මෝහන් සිං ය.

මෝදි පමණක් නොව, අසල්වැසි ආසියා කලාපීය රටවල නියෝජිතයන් රැසක් ද දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වුනැයි වාර්තා වේ. හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ රජය සහ ඉන්දියාව අතර අර්බුද පැවැතිණි. නව ජනාධිපති ඊබ්‍රහීම් මොහොමද් සෝලී ඉන්දීය හිතවාදියෙකි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS