දින 100 යි: නවසීලන්තයේ කොරෝනා නෑ



ගතවුණු දින 100 ඇතුළත නවසීලන්ත සමාජයෙන් කිසිදු කොරෝනා ආසාදිතයකු හමුවී නැතැයි එරට සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.

එසේ වුවත් කොරෝනා අවදානම කිසිසේත් පහව ගොස් නොමැති බවත් වියට්නාමයේ සහ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙන් කොරෝනා රැල්ලක් හට ගැනීමට ඉඩ ඇති බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ.

කොරෝනා වයිරසය ඉතා සාර්ථකව පාලනය කළේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ සහතික පත්‍රයක් හිමිවුණු රට නවසීලන්තයයි. නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් ශක්තිමත් නායිකාවක ලෙස ලෝකයා පිළිගනී.

එලැඹෙන සැප්තැම්බරයේ නවසීලන්ත මහ මැතිවරණය පැවැත්වෙයි. අගමැතිනී ජැසෙන්ඩා ප්‍රමුඛ ඇගේ පක්ෂය මැතිවරණ රැලි ආරම්භ කර ඇති අතර, කොරෝනා පාලනය වෙනුවෙන් කළ සටන මැතිවරණ රැලිවල ප්‍රධාන මාතෘකාවක් වී අවසන්ය.

පසුගිය දා ඕක්ලන්ඞ් නුවර පැවැති රැලියක් අමතමින්, අගමැතිනිය  පොරොන්දු වූයේ කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටුණු ව්‍යාපාර යළි ගොඩනැංවීමට, නවසීලන්ත ඩොලර් මිලියන 300 ක (ඇමෙරිකන් ඩොලර් මිලියන 205 ක) සහන පැකේජයක් හඳුන්වා දෙන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS