දරුවන්ගේ ජාන වෙනස් කරලා



මව් කුස පිළිසිඳගත් අවස්ථාවේ පටන්, නිවුන් බිළිඳියන් දෙදෙනකුගේ ජාන සාර්ථකව වෙනස් කිරීමට හැකිවුණු බව පැවැසූ චීන ජාන විද්‍යාඥයකු සම්බන්ධයෙන් එරට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

විද්‍යාඥ හී ජියැංකුවී, ඔහු විසින් සිදු කරනු ලැබූ එම සාර්ථක පර්යේෂණ සම්බන්ධයෙන් විද්වතුන් දැනුවත් කර ඇත්තේ පසුගිය දා හොංකොං හි පැවැති වෛද්‍ය සම්මන්ත්‍රණයකදීය.

මෙම නිවුන් දරු දෙදෙනාගේ මව එච්.අයි.වී. ආසාදිත කාන්තාවක බවත්, ඇගේ කුසේ දරු දෙදෙනාගේ ජාන වෙනස් කිරීම කර ඇත්තේ ඔවුන්ට එච්.අයි.වී. වැළැඳීම වැළැක්වීමට යැයි විද්‍යාඥ හී ජියැංකුවී එම සමුළුවේදී පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS