දකුණු කොරියාවේ ආසාදිතයන් වැඩිවෙලා



නව ආසාදිතයන් 79 දෙනකු හමුවුණු බවත්, යළිත් වරක් 'කොවිඩ් 19' ආසාදිතයන් වැඩි වැඩියෙන් වාර්තා වීමට පටන් ගෙන ඇති බවත් දකුණු කොරියානු සෞඛ්‍ය අංශ බලධාරීහු පවසති.

දකුණු කොරියානු වසංගත රෝග විද්‍යායතනයට අනුව, මෙලෙස ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන්නේ අප්‍රේල් 5 වැනිදායින් පසුවය. ඒ අනුව මේ වනවිට දකුණු කොරියාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 11,344 කි. මරණ වාර්තා වන‍්නේ 269 ක් ලෙසය.

නව ආසාදිතයන් 79 දෙනාගෙන් 69 දෙනකු දකුණු කොරියාව තුළින් හමුවුණු ආසාදිතයන් බවත්, සෙසු 10 දෙනා විදේශවලින් පැමිණි අය බවත් සෞඛ්‍ය බලධාරීහු පැහැදිලි කරති. ඒ අනුව, නිරෝධායන නීති අකුරට ක්‍රියාත්මක කිරීම සහ තහංචි දිගටම පවත්වාගෙන යෑම සිදුවන බව දකුණු කොරියානු රජය පවසා තිබේ.

සෝල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS