දකුණු කොරියා රාජ්‍ය නිලධාරියකු මරා පුච්චලා



දකුණු කොරියා රජයේ නිලධාරියකු වෙඩි තබා ඝාතනය කොට, එම නිලධාරියාගේ සිරුර පුළුස්සා දැමුවේ යැයි දකුණු කොරියා රජය උතුරු කොරියාවට චෝදනා කරයි.

දකුණු කොරියා ධීවර අමත්‍යාංශයේ නිලධාරියකු වන 47 හැවිරිදි එම රජයේ නිලධාරියා, දකුණු කොරියානු හමුදා සොල්දාදුවන් පිරිසක් සමඟ දකුණු කොරියා උතුරු කොරියා මුහුදු දේශසීමාවේ බෝට්ටුවකින් ගමන් කරද්දී අතුරුදන් ව ඇතැයි පැවැසෙයි. එම අතුරුදන්වීම සම්බන්ධයෙන් දකුණු කොරියා ආරක්ෂක අංශ කිසිවක් පවසා නැත.

පසුව එම නිලධාරියා උතුරු කොරියා දේශසීමාවේදී උතුරු කොරියානු දේශසීමා ආරක්ෂක හමුදා සොල්දාදුවන්ට හමුවී තිබේ. නිලධාරියාට වෙඩි තබා, ඔහුගේ සිරුර පුළුස්සා දැමීම කළේ උතුරු කොරියානු හමුදා සොල්දාදුවන් යැයි තමන්ට වාර්තා වූ බව දකුණු කොරියානු ආරක්ෂක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

දකුණු කොරියා රාජ්‍ය නිලධාරියකු මේ අයුරින් උතුරු කොරියානු සොල්දාදාවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගය දෙවැනි අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. කෙසේ නමුත් දකුණු කොරියාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් දකුණු කොරියාව මෙතෙක් කිසිවක් පවසා නොමැත.

‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන් උතුරු කොරියාව, දකුණු කොරියානු දේශසීමාවත් චීන දේශසීමාවත් වසා දමා ඇත. අනවසරයෙන් දේශසීමා හරහා පැමිණෙන ඕනෑම අයකුට වෙඩි තබන්නැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුදාවට අණ දී තිබේ. ‘කොවිඞ් 19’ වයිරසයේ ආරම්භය චීනයයි.

දකුණු කොරියාවෙන් ද ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වුවත්, උතුරු කොරියාවෙන් තවමත් කිසිදු ආසාදිතයකු හමුවී නැත. ඊට හේතුව, වයිරස ව්‍යාප්තිය ආරම්භ වෙද්දී, අසල්වැසි චීනය සමඟත්, දකුණු කොරියාව සමඟත් දේශසීමා වසා දැමීම යැයි පැවැසෙයි.

සෝල් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS