දකුණු කොරියා ජනාධිපති වතිකානයට
යුරෝපා රටවල සංචාරයක යෙදෙන දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ඊයේ (17) වතිකානයට පැමිණියේය.
දකුණු කොරියා ජනාධිපතිවරයා, ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්තුමන් හමුවී, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ ඇරැුයුම පාප්තුමන් වෙත පිළිගැන්වීමට නියමිතව ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
උතුරු කොරියාවේ සංචාරයකට පැමිණෙන්නැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් පාප්තුමන්ට ඇරැයුම් කර තිබුණු අතර, එම ඇරැයුම පාප්තුමන්ට පිළිගැන්වීම සිදු කරනු ලබනු ඇත්තේ ද දකුණු කොරියා ජනාධිපතිවරයා විසිනි.
(ඒ.එෆ්.පී.)