තුවක්කුකරු අත්අඩංගුවට



ගිනි අවියක් අතැතිව, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සුපිරි වෙළෙඳසැලකට කඩා වැදී, එහි සිටි 40 ක පමණ පිරිස ප්‍රාණ ඇපයේ රඳවා ගත් තුවක්කුකරුවකු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය සමත් විය.

තුවක්කුකරු කවුරුදැයි කියා හෝ ඔහු පිරිස ප්‍රාණඇපයට ගනු ලැබුවේ ඇයිදැයි කියා හෝ මෙතෙක් වාර්තා වී නැත. සිදුවුණේ කුමක්දැයි මාධ්‍ය වෙත කඩිනමින් අනාවරණය කරන බව පොලිසිය පවසා ඇත.

කෙසේ නමුත් පොලිසිය කඩා වැදී තුවක්කුකරු මෙල්ල කිරීමට යෑමේදී සිදුවුණු වෙඩි හුවමාරුවකින් වෙඩි වැදුණු එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූවාය. තුවක්කුකරු කඩා වැදුණේ ටේ්‍රඩර් ජෝ නමැති සුපිරි වෙළෙඳසැලට යැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS