තායිවාන අගමැති ඇමෙරිකා යයි



චීනයේ බලපෑම්වලට යටත් නොවන බව පවසමින්, තායිවාන ජනාධිපතිනී සායි ඉන්ග්වෙන්ග් ඇමෙරිකාව බලා පිටව ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

චීනය සලකන්නේ තායිවානය තම කොටසක් කියාය. තායිවානය සහ චීනය අතර මේ සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ මතභේද පවතී. තායිවානය සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින්නැයි චීනය ඇමෙරිකාව ඇතුළු සෙසු රටවලට දන්වා ඇත.

ජොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස පචීනය කළ එම ඉල්ලීමට කන් දී නැත. ඔහු තායිවානය සමඟ යහපත් සබඳතා පවත්වයි. තායිවාන ජනාධිපතිනිය ඇමෙරිකා යන්නේ ද ඇමෙරිකා ජනාධිපතිවරයා සමඟ පවතින හොඳහිත තවත් වර්ධනය කර ගැනීමේ අරමුණින්ය.

(රොයිටර්)


RECOMMEND POSTS