ත්‍රස්තවාදීන්ට අනුගහය දක්වන්න එපා



ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දැක්වීම සහ ආරක්ෂාව ලබාදීම  වහා නවත්වන්නැයි ඇමෙරිකා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පාකිස්තානයට දන්වා ඇත.

ජනාධිපති ට්‍රම්ප් මේ බව පවසා ඇත්තේ, ඉන්දු කාශ්මීරයේ ඉන්දීය හමුදා සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් පුල්වාමා දිස්ත්‍රික්කයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙනි.

බෝම්බ ප්‍රහාරය එල්ල කළේ පාකිස්තානයේ ක්‍රියාත්මක ජායිෂ් ඊ මොහොමද් නමැති ත්‍රස්ත කල්ලියයි.
ඉන්දු කාශ්මීරයේ ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කල්ලි කිහිපයක් ක්‍රියාත්මක වෙයි. ඔවුන්ට පාකිස්තාන රජයේ අනුග්‍රහය පමණක් නොව ආරක්ෂාව ද නොඅඩුව ලැබෙන බව ඇමෙරිකා බුද්ධි අංශ අවස්ථා ගණනාවකදී අනාවරණය කර ඇත.

ට්‍රම්ප් පරිපාලනය මේ වනවිට පාකිස්තානයට ලබා දෙමින් තිබුණු ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක ආධාර මුදල් ද නැවැත්වීමට පියවර ගෙන තිබේ. ඒ, ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී පාකිස්තානය ‘උදාසීනව’ බව පෙන්වා දෙමිනි.

වොෂින්ටනයේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS