තලේබාන් ත්‍රස්තයන්ට උදවු කරනවැයි රුසියාවට චෝදනා



ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන්ට රහසේ සහාය දෙනවැයි රුසියාවට චෝදනා එල්ල වී ඇත.

රුසියාවට මෙසේ චෝදනා කර ඇත්තේ නේටෝ ප්‍රධානී ජනරාල් කර්ටිස් ස්කැපරෝටීය. මීට ප්‍රතිචාර දක්වමින් ඇෆ්ගනිස්තානයේ රුසියන් නියෝජිත සමීර් කැබුලොව් පවසා ඇත්තේ එය සම්පූර්ණ අසත්‍යයක් බවය.

රුසියාව සහ තලේබාන් සංවිධානය අතර කිසිදු සම්බන්ධයක් හෝ ගනුදෙනුවක් නොමැති බවත්, ඇෆ්ගන් අර්බුදය අවසන් කර ඇෆ්ගනිස්තානයට සාමය උදා කරදීමට රුසියාව ද අවස්ථා කිහිපයකදී උත්සාහ කළ බවත් රුසියන් නියෝජිතයා තහවුරු කර තිබේ.

ඇෆ්ගන් තලේබාන් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස රුසියාව විසින් නම් කරනු ලැබුවේ 1990 දශකයේ යැයි ද රුසියන් නියෝජිතවරයා වැඩි දුරටත් පැහැදිලි කර දී තිබේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS