ටැක්සියක් පදිකයන් යට කරලා



 

ලෝක කුසලාන පා පන්දු තරගාවලිය පැවැත්වෙන රුසියාවේ මොස්කව් අගනුවර කුලී රථයක්, පදිකයන් අතරට කඩා වැදීමෙන්, 25 දෙනෙක් තුවාල ලැබූහ. ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි වාර්තා වේ.

 

කුලී රථ රියැදුරා හිතාමතා පදිකයන් යට කළ බවට සැකයක් පවතී. එය අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි යැයි ඇනුමාන කරමින්, පරීක්ෂණ සිදු කරන බව ද පැවැසෙයි. කුලී රථ රියැදුරා පලා ගිය බවත් ඔහු සොයා පුළුල් මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් මොස්කව් ආරක්ෂක අංශ කියයි.

ලෝක කුසලාන පා පන්දු තරගාවලිය ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනවා යැයි අයි.එස්. ත්‍රස්ත සංවිධානය කිහිප වරක් අනතුරු ඇඟවීම් කර ඇත. ඕනෑම ප්‍රහාරයක් වළක්වා ගැනීමට තමන් සීරුවෙන් සිටින බව ඊට පිළිතුරු දෙමින් රුසියානු ආරක්ෂක අංශ පවසා ඇත.

කුලී රථයට යටවීමෙන් තුවාල ලැබූ පිරිස අතර, ලෝක කුසලාන පා පන්දු තරගය නැරැඹීමට මෙක්සිකෝවෙන් පැමිණි පා පන්දු ලෝලීන් පිරිසක් ද සිටින බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS