ටාජ් මහල බලන්න ගිහිල්ලා



නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ සහ පවුලේ සාමාජිකයෝ අග්‍රාහි ටාජ් මහල නැරැඹීමට ගියහ.

කැනඩා අගමැතිවරයා සහ දරු පවුල සතියක කාලයක් ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වේ. ඒ අතරතුරේ ඉන්දියාවේ සංචාරය කිරීම ද ඔවුන්ගේ අරමුණ වී ඇත.

සංචාරවලට අමතරව, කැනඩා අගමැති ටෘඩෝ සහ ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS