ට්‍රම්ප්ගේ චෝදනා පදනම් රහිතයි



ඇමෙරිකන් ජනාධිපතිවරණය දූෂිත බවට චෝදනා කරමින්, පෙන්සිල්වේනියා ජනපදයේ ජයග්‍රාහකයා ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් යැයි නම් කිරීම වැළැක්වීමට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් උත්සාහය ෆෙඩරල් අධිකරණයකින් නිෂ්ප්‍රභ කෙරුණි.

ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ, ජනාධිපති ට්‍රම්ප් එල්ල කර ඇති චෝදනා පදනම් විරහිත බවය. චෝදනා ඔප්පු කිරීමට ට්‍රම්ප්ගේ නීතීඥ කණ්ඩායමට කිසිදු ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ද හැකියාවක් ලැබී නැත.

අධිකරණය ලබා දුන් තීන්දුව ට්‍රම්ප්ගේ පරාජයට හේතුවක් වනු ඇති බවත් ජෝ බයිඩන්ගේ ජය තවත් පියවරකින් ඉදිරියට යෑමක් බවත් ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

නොවැම්බර් 3 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ අවසන් නිල ප්‍රතිඵලය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත. එසේ වුවත්, නියමිත ඉලෙක්ට්‍රෝරල් ඡන්ද ලබා ගැනීම හේතුවෙන් ජෝ බයිඩන් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස පිළිගෙන තිබේ.

මැතිවරණ කොමිසමට එය නිල වශයෙන් නිවේදනය කිරීමට නොහැකි වී ඇත්තේ ට්‍රම්ප් අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමු වී ඇති බැවිනි. පෙන්සිල්වේනියා යනු වසර ගණනාවක් තිස්සේ රිපබ්ලිකන් පක්ෂ බලකඳවුරකි. ඩිමොක්‍රටික් පක්ෂ ඩයිඩන් පෙන්සිල්වේනියා ජනපදය ජය ගැනීම ට්‍රම්ප් අභියෝගයට ලක් කළේ එහෙයිනි. ඡන්ද යළි ගණන් කිරීම අතින් සිදු කෙරුණි‍.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS