ට්‍රම්ප් විධායක බලතල අතට ගනී



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (15) සිය ජනපති බලතල භාවිත කරමින්, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර, ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ දේශසීමා ප්‍රාකාරය ඉදිකිරීමට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට කටයුතු කළේය.

හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමෙන් ජනාධිපති ට්‍රම්ප්ට, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) අභිබවා තීරණ ගැනීමේ හැකියාව හිමිවෙයි.

ඒ අනුව, ඇමෙරිකන් හමුදා සඳහාත් හදිසි ආපදා සඳහාත් වෙන් කර ඇති මුදල් යොදා ගනිමින් ප්‍රාකාරය ඉදි කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පවසා ඇත. ප්‍රාකාරය ඉදිකිරීමට වැයවන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 5.7

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS