ට්‍රම්ප් ලන්ඩනයේ



ඇමෙරිකා ජනාධිපති ලෙස සිය පළමු බ්‍රිතාන්‍ය නිල සංචාරය ආරම්භ කරමින් ඩොනල්ඞ් ට්‍රම්ප්, ලන්ඩන් නුවරට පැමිණ සිටී.

ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පමණක් නොව, බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවලට පැනැවූ නව බදු සම්බන්ධයෙන් ද බ්‍රිතාන්‍ය වැසියන් තුළ ඇත්තේ අප්‍රසාදයකි. ඇමෙරිකා ජනාධිපති ලෙස ට්‍රම්ප් ලන්ඩනයට පැමණි පළුම පළමු අවස්ථාය වෙයයි.

ට්‍රම්ප් ලන්ඩනයට පැමිණියේ විරෝධතා මැදය. ට්‍රම්ප් සමඟ බිරිඳ මෙලානියා ද මෙම බ්‍රිතාන්‍ය සංචාරයට එක් වී සිටී. සිය නිල ගුවන් යානයෙන් ලන්ඩනයට පැමිණි ට්‍රම්ප් යුවල රැඳී සිටින්නේ ඇමෙරිකා තානාපතිවරයාගේ වින්ෆීල්ඞ් නිවසේය.
ට්‍රම්ප් පැමිණීමට පෙර සිටම වින්ෆීල්ඞ් නිවස ඉදිරිපිට විරෝධතා රැලි පැවැත්විණි. විරෝධතාකරුවන් කෑ කෝ ගසන්න වූයේ ‘ට්‍රම්ප් එපා’ යනුවෙනි.

ට්‍රම්ප් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යෙදවීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කර ඇත. ලන්ඩන් කැරැලි මර්දන පොලිස් නිලධාරීන් මැදිහත් වී, විරෝධතාකරුවන් විසුරුවා හැරියේ යැයි ද වාර්තා විය.

ජනපති ධුරයට පත් වුණු පසුගිය වසරේ ට්‍රම්ප් අවස්ථා කිහිපයකදී බි්‍රතාන්‍යයට පැමිණ අගමැතිනී තෙරේසා මේ හමුවීමට සූදානම් විය. කෙසේ නමුත් බි්‍රතාන්‍ය වැසියන්ගෙන් පමණක් නොව, බ්‍රිතාන්‍ය රජයේ බොහෝ දෙනාගෙන් පවා ඊට විරෝධයක් එල්ල විය. එහෙයින්, බ්‍රිතාන්‍ය සංචාරය නවතා දැමීමට ට්‍රම්ප්ට සිදුවිය.

ඇමෙරිකා ජනාධිපතිවරයා සහ බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ අතර සාකච්ඡා පැවැත්වුණු අතර, එහිදී බි්‍රතාන්‍ය මේ වනවිට මුහුණ පා ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ද කතාබහ කෙරුණු බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය දේශාපලනයේ අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ, බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බි්‍රක්සිට් මුල්කොට ගනිමිනි.

අගමැතිනී තෙරේසා මේගේ කැබිනට් මණ්ඩලයේ විදෙස් ලේකම් (විදේශ කටයුතු ඇමැති) ලෙස එම ධුරය හොබවමින් සිටි බොරිස් ජොන්සන් මෙන්ම, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ කටයුතු මෙහෙයවීම කළ ‘බ්‍රික්සිට්’ ලේකම් ඬේවිඞ් ඬේවිස් ද පසුගිය දා සිය ධුරවලින් සමුගත්හ.

පැවැත්වුණු ජනමත විචාරයට අනුව, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම, ලබන 2019 වසරේ මාර්තු මාසයේදී සිදුවිමට නියමිතය. ඉන්පසු බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර කටයුතු සිදුවන අයුරු සම්බන්ධයෙන් මතභේද පවතී.
බොරිස් ජොන්සන් සහ ඬේවිඞ් ඬේවිස් සිය ධුරවලින් ඉවත් වූයේ එම මතභේද මුල්කොට ගනිමිනි. ජොන්සන්ගේ ඉවත් වීමෙන් පසු එම ධුරයට සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන ජෙරමික් හන්ට් පත් කිරීමට අගමැතිනී තෙරේසා මේ පියවර ගෙන තිබේ.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ මෙලානියා ලන්ඩන් නුවර බලා පැමිණියේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දින දෙකක සංචාරයකින් පසුවය. ට්‍රම්ප් බ්‍රසල්ස් අගනුවර පැවැත්වුණු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ සමුළුවට සහභාගී විය. නේටෝ සමුළුව ට්‍රම්ප්ගේ සහභාගීත්වයෙන් උණුසුම් ස්වරූපයක් ගත් බව වාර්තා විය.

ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණේ ඇමෙරිකාව නේටෝ සංවිධානයට ලබා දෙන මූල්‍ය ආධාර කප්පාදු කරන බවය. කෙසේ නමුත් සමුළුවට සහභාගී වෙමින් ට්‍රම්ප් කියා සිටියේ නේටෝ සංවිධානයේ සාමාජික රටවල්, නේටෝ සංවිධානයට ලබා දෙන මූල්‍ය දායකත්වය දෙගුණයකින් වැඩි කළ යුතු බවය.

(රොයිටර්)


RECOMMEND POSTS