ට්‍රම්ප් ඉම්රාන් හමුවෙයි



ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තෙදින නිල සංචාරයක යෙදෙන පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් පැවැත්විණි.

මේ වනවිට ජනපති ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන්, ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම සඳහා තලේබාන් සංවිධානය සහ ඇමෙරිකන් නියෝජිතයන් අතරේ සාකච්ඡා පැවැත්වෙයි. ඒ, දෝහා කටාර් හි පිහිටුවා ඇති ඇෆ්ගන් සාම කාර්යාලය හරහාය.

එම සාකච්ඡා සාර්ථක වෙමින් පවතින අතර, ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයට හඳුන්වා දීමට සැරැසෙන එම සාම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නම්, පාකිස්තාන රජයේ සහාය අවශ්‍ය වෙයි.

ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණෙන්නැයි පාකිස්තාන අගමැතිවරයාට ඇරැයුම් කළේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. පැවැත්වුණු සාකච්ඡා සාර්ථක වුණැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS