ජෝජ් ෆ්ලොයිඞ් ‘කොවිඞ් 19’ ආසාදිතයෙක්



ඇමෙරිකාව පුරා ළැව් ගින්නක් සේ පැතිරෙන විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වීමට හේතුවක් වූ 46 හැවිරිදි ජෝජ් ෆ්ලොයිඞ්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ පූර්ණ මරණ පරීක්ෂණයක් තහවුරු වී ඇත්තේ ඔහු ‘කෝවිඞ් 19’ ආසාදිතයකු බවය.

මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් වැසියකු වන ෆ්ලොයිඞ්ගේ පූර්ණ මරණ පරීක්ෂණයක් පැවැත්වූයේ මිනසෝටා නීතිපතිවරයාගේ උපදෙස් මතය.

ප්‍රධාන මරණ පරීක්ෂක ඇන්ඩෲ බේකර් පවසා ඇත්තේ ෆ්ලොයිඞ්ගේ සිරුරේ තිබී ‘කොවිඞ් 19’ විෂබීජ හමුවුණු බවත්, ඔහු ඌණ ආසාදිතයකුගේ තත්ත්වයේ පසුවුණු අයකු බවත්ය.

කෙසේ නමුත් ‘කොවිඞ් 19’ රෝගී තත්ත්වය හේතුවෙන් හටගත් සංකූලතාවක් නිසා ගෙල තද වෙද්දී හදවත නතර වන්න ඇතැයි ද ඇන්ඩෲ බේකර් සිය මරණ පරීක්ෂණයේ සටහන් කර තිබේ.

මිනියැපොලිස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS