ජල මට්ටම සියයට 70 කින් ඉහළට



උදම් රළ පහරට හසුවුණු ඉතාලියේ වෙනීසිය සියයට 70 කින් ජලයෙන් යටවී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

නගරයේ ජල මට්ටම පහළ යෑමක් පෙන්නුම් නොකරන හෙයින්, වෙනීස් කෞතුකාගාරයේ වටිනා කෞතුක භාණ්ඩ ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යෑම වෙනිස් නගර බලධාරීන්ගේ සහ ඉතාලි රජයේ අනුග්‍රහයෙන් සිදුවෙයි.

කලපුවක දූපත් සමූහයක් මත පිහිටි වෙනිසිය, පාවෙන නගරය යන නමින් ලොව ප්‍රසිද්ධ ප්‍රධාන සංචාරක ආකර්ශණයකි. යුනෙස්කෝ සංවිධානය විසින් වෙනිසිය ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ.

නගරයේ ජල මට්ටම ඉහළ යද්දී, ජලයෙන් යටවී පැවැති නිවාස, පාසල්, රජයේ ගොඩනැගිලි, පෞද්ගලික ගොඩනැගිලි, අවන්හල්, ප්‍රධාන දේවස්ථානය ඇතුළු සියල්ල ජලයෙන් යටවිය.
ඉතාලි අගමැති ගුසෙප්පේ කොන්තේ වෙනීසියට ගොස් වෙනීසියේ වැසියන්ට සිදුවුණු විපත දැක ගත් අතර, වෙනිසියට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමින්, විපතට පත්වුණු වැසියන්ට සහාය දීමට හමුදාව යෙදවීය.

ඉතාලි අගමැතිවරයා කියා සිටියේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වන්දි මුදල් ලබා දීමට රජය පියවර ගන්නා බවය. ඉදිරියට වෙනීසිය ආරක්ෂා කර ගැනීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ද අගමැති කොන්තේ පැහැදිලි කළේය.

වෙනීසියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS