ජපන් මැතිවරණයෙන් අගමැති අබේ ජය ගනී



ජපානයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ පැවැති මැතිවරණයෙන් අගමැති ෂෙන්සෝ අබේ ප්‍රමුඛ පාලක සන්ධානය ජයග්‍රහණය කළේය.

ජය සමරමින්, 64 හැවිරිදි අගමැති අබේ කියා සිටියේ, තම රජයේ යුද විරෝධී සාමකාමී ආකල්ප ඉදිරියට ගෙන යෑමට පියවර ගන්නා බවය. අගමැති අබේ නායකත්වය දෙන්නේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයටය.

ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය සන්ධානගතවී සිටින්නේ, කොමෙයිටෝ පක්ෂය සමඟය. මෙවර මැතිවරණයෙන් තුනෙන් දෙකකට වඩා වැඩි බහුතරයක් හිමි කර ගැනීමට අබේගේ පාලක සන්ධානය සමත් විය.

ටෝකියෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS