ජපන් කාන්තාවකට දෙවරක් කොරෝනා



‘කෝවිඞ් 19’ වයිරසය ආසාදනය වී, සම්පූර්ණ සුවය ලබා නිවසට යැවුණු කාන්තාවකට යළිත් ‘කෝවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ජපන් සෞඛ්‍ය බලධාරීහු ඊයේ (27) පැවැසූහ.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය දෙවරක් එකම පුද්ගලයකුට ආසාදනය වූ පළමු අවස්ථාව මෙය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 

‘කෝවිඞ් 19’ වයිරසය වරක් ආසාදනය වූ පුද්ගලයන්ගේ සිරුරේ වයිරසයට ප්‍රතිදේහ නිර්මාණය නොවන බව මෙයින් තහවුරු වුණු බවත්, එක් වරක් වයිරසය ආසාදනය වී දෙවැනිවර ඊට ගොදුරු වෙද්දී වයිරසය කුමන ආකාරයකින් බලපෑම් කරාවිදැයි යන්න සොයා බැලීම සිදු කරන බවත් ජපන් වෛද්‍යවරු පවසති.

ජපානයේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මේ වනවිට 186 දක්වා ඉහළ ගොස් ඇතැයි ද වාර්තා විය.

ටෝකියෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS