ජපන් අගමැති රුසියාවේ



 

ජපාන අගමැති ෂෙන්සෝ අබේ රුසියානු සංචාරයකට පැමිණි අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඔහුට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

2013 වසරෙන් පසු, අගමැති අබේ සහ රුසියානු ජනාධිපති පුටින් එකිනෙකා හමුවී සාකච්ඡා පවත්වන 25 වැනි අවස්ථාව මෙයයි.

මෙවර හමුවේ දී, ජපානය පමණක් නොව, රුසියාව ද අයිතිය ඉල්ලන ඔකොට්ස් සහ පැසිෆික් සාගරයේ දෙරටට නුදුරින් පිහිටි, දූපත් සම්බන්ධයෙන් දශක ගණනාවක් තිස්සේ පවතින අර්බුදය සාකචඡාවට ලක්විය.

කුරිල් නමැති මෙම දූපත් සමූහය සම්බන්ධයෙන් අර්බුදය හටගත්තේ දෙවැනි ලෝක යුද සමයේදීය. කුරිල් දූපත් සමූහය දම්වැලක් ලෙස පිහිටා ඇත්තේ ජපාන දූපත් පෙළට උතුරු දෙසිනි.

මෙම දූපත් සමූහයට අයත් දූපත් හතරක් රුසියානු හමුදා විසින් අල්ලා ගැනීම සිදුවූයේ දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදීය.

දූපත් සමූහය සම්බන්ධයෙන් දෙරට අතරේ පොදු එකඟතාවක් ඇති කර ගැනීමටත්, සාමකාමී අයුරින් පවතින අර්බුදය අවසන් කිරීමටත් තමන් සූදානම් බව රුසියා ජනාධිපති පමණක් නොව, ජපාන අගමැතිවරයා ද මාධ්‍ය හමුවේ පෙන්වා දී තිබේ.

මොස්කව් නුවරදීය

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS