ජගත් සංවිධානය මියන්මාරය ගැන කනස්සල්ලෙන්



මියන්මාරයේ පළාත් කීපයක ජංගම දුරකතන සන්නිවේදන කටයුතු සහ අන්තර්ජාල කටයුතු අත්හිටුවීමට එරට රජය ගෙන ඇති තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කනස්සල්ලට හේතුවක් වි ඇත.

මියන්මාරය වෙනුවෙන් පත් කළ එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂක යැංග්හී ලී, ඇගේ කනස්සල්ල පළ කරමින් කියා සිටියේ, සන්නිවේදන කටයුතු අඩපණ කිරීම අතරතුරේ මියන්මාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවනු ඇති බවය.

මියන්මාරයේ රකීන් පළාතේ රොහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා දිගටම සිදුවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි. රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් පවසන්නේ, රකීන් පළාත වෙනුවෙන් වෙනම පාලනයක් අවශ්‍ය බවටය. මියන්මාරය බෞද්ධ රාජ්‍යයකි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS