ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන්



තායිලන්ත මහ මැතිවරණය අද (24) එරට වේලාවෙන් උදෑසන අටට ආරම්භ වූ අතර සවස 5 ට අවසන් විය.

අනපේක්ෂිත අයුරින් බොහෝ දෙනකු ඡන්දය ප්‍රකාශ කළ බවත් 2011 න් පසු පැවැති මෙම මහ මැතිවරණය සුවිශේෂී එකක් වනු ඇති බවත් පැවැසෙයි.

හමුදා කුමන්ත්‍රණයකින් පසු 2014 දී බලය අල්ලා ගත් හමුදාපති ජනරාල් ප්‍රයාත් චැන් ඕචා හමුදා හිතවාදී ස්වාධීන දේශපාලන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් විය. බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත්තේ ප්‍රයාත් චැන් ඕචා යළි බලයට පත්වනු ඇති බවය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS