චෝදනා ඔප්පු කරන්න



බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව ලබමින්, එරට වාසය කළ රුසියානු කේ.ජී.බී. ඔත්තු සේවා නිලධාරී කර්නල් සර්ගේ ස්ක්‍රිපාල් සහ දියණිය යුලියාට වස දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එල්ල කරන චෝදනා ඔප්පු කරන්නැයි රුසියාව ඉල්ලා සිටී.

රුසියානු රජය වෙනුවෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ රුසියා තානාපති නිලධාරී වැසිලි නැබෙන්සියාය.

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ රුසියාවට එල්ල කරන චෝදනා මුල්කොට ගනිමින්, රුසියාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එක්සත්ප ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිව්යෝක් නුවරදී රැස්විය.

එහිදී බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නිත්‍ය නියෝජිත ජොනතන් ඇලන්ට, එක්සත් ජාතීන්ගේ ඇමෙරිකන් තානාපතිනී නිකී හේලිගේ සහාය හිමිවුණු බව ද පැවැසෙයි.

රුසියාවට එරෙහිව සම්බාධක පැනැවීමක් කරන්නේ නම්, ඇමෙරිකාවේ සහාය ඊට හිමිවන බව ද ඇමෙරිකන් තානාපති නිලධාරිනිය නිකී හේලි එම අවස්ථාවේදී කියා සිටියාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS