චෙක් ජනපතිට යළිත් ජනවරමක්



චෙක් ජනරජයේ පැවැති ජනපතිවරණයෙන් වත්මන් ජනාධිපති මයිලෝස් සේමන්ට යළිත් ජනවරමක් හිමිවී ඇත.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින නමුත්, ලැබී ඇති ප්‍රතිඵල අනුව 73 හැවිරිදි මයිලෝස් සේමන් සියයට 39.3 ක ප්‍රතිශතයක් දිනා ගෙන ඇත.

සේමන්ගේ ප්‍රතිවාදියා ජීරි ඩර්හෝස් දිනාගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 26.2 කි. ඒ අනුව තවත් වසර පහක ධුර කාලයක් සඳහා සේමන් චෙක් ජනරජයේ ජනපති ධුරයට පත් වනු ඇති බව එරට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(බී.බී.සී)


RECOMMEND POSTS