චීනයේ ජාතික ශෝක දිනයක්



චීනය අද (4) ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබුණි.

ඒ, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට බිලිවුණු 3,335 දෙනා සහ කොරෝනා ආසාතික රෝගීන්ට ප්‍රතිකාර කරද්දී මියගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 13 දෙනා සිහි කරමිනි.

අද උදෑසන 10 මුළු චීනය පුරා අනතුරු ඇඟවීමේ සයිරන් නළා හඬ ඇසෙන්න වූ අතර, එම අවස්ථාවේ, සෑම චීන වැසියකුම නිවෙස්වලින් පිටතට පැමිණ විනාඩි 3 ක නිහැඬියාවක් පළ කළ බව චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එම අවස්ථාවේ බොහෝ චීන වැසියන්ගේ දෑස් කඳුළින් පිරී පැවැතිණි.

අද දිනය පුරා චීන රූපවාහිනී නාළිකා සහ ගුවන් විදුලි නාළිකාවන කිසිදු විනෝදජනක කිසිදු වැඩසටහනක් විකාශය නොවුණු බව ද පැවැසෙයි.
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. ඒ, පසුගිය දෙසැම්බරයේය. අද වනවිට චීනයේ වයිරස ව්‍යාප්තිය අඩු වෙමින් පවතින අතර, බටහිර රටවල වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS