චීන හෝටලයක ගින්නක්



ගිනිකොනදිග චීනයේ නැංචැංග් නුවර තරු පහේ හෝටලයක ගින්නක් හටගත්තේය.

චීන පුවත් සේවා වාර්තා කළේ ගින්නට හසුවීමෙන් තිදෙනකු මියගිය බවය. බරපතල තුවාල ලැබූ 14 දෙනෙක් කඩිනමින් රෝහල් ගත කෙරුණාහ.

ගින්න හටගෙන ඇත්තේ ‘එච්.එන්.ඒ. ප්ලැටිනම් මික්ස්’නමැති හෝටලයේය. මෙය විදෙස් සංචාරකයන් බහුලව රැඳී සිටින හෝටලයක් ලෙස ද ප්‍රසිද්ධය. හෝටලයේ ගින්න ඒ අසලම පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලකට ද පැතිර ගිය බව පසුව වාර්තා විය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS