චීන ජනපති ජින්පින් උතුරු කොරියාවේ



නායක කිම් ජොන් උන් හමුවී, ද්වී පාර්ශ්වීය සබඳතා තවත් වර්ධනය කරගැනීමේ අරමුණින්, දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර බලා පැමිණියේය.

චීන ජනාධිපතිවරයා සමඟ ඔහුගේ බිරිඳ පෙංග් ලියුවාන්, චීන විදේශ ඇමැති වැංග් යී ඇතුළු චීන රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් පමණක් නොව, ප්‍රධාන පෙළේ චීන ව්‍යාපාරික කණ්ඩායමක් ද මෙම සංචාරයට එක් වී සිටිති.

ජනාධිපති ෂී ජින්පින් ප්‍රමුඛ කණ්ඩායම යොංග්යැංග් අගනුවර බලා පැමිණියේ උතුරු කොරියාවේ වේලාවෙන් උදෑසන 11.40 ටය.

ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. චීන ජනාධිපතිවරයකු උතුරු කොරියාවේ නිල සංචාරයක යෙදෙන්නේ වසර 14 කට පසුවය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ බිරිඳ, චීන ජනාධිපතිවරයාත් ජනාධිපති ආර්යාවත් පිළිගත්තේ මහත් හරසරිනි.  ‘උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ උතුරු කොරියාව අතර පවතින්නේ ඉතා ශක්තිමත් මිත්‍රත්වයක්. කිසිදිනෙක වෙනස් නොවන මිත්‍රත්වයක්. ඒ මිත්‍රත්වය අලුත් කර ගන්න මා උත්සාහ ගන්නවා’ යැයි උතුරු කොරියාව බලා යද්දී චීන ජනාධිපතිවරයා චීන මාධ්‍ය හමුවේ පවසා ඇත.

බීජීංහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS