ගෞරව සම්මානය අහෝසි කෙරේ



ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය 2009 වසරේ දී මියන්මාර නායිකා අවුන් සාන් සූ කීට ලබා දී තිබුණු ගෞරව සම්මානය අහෝසි කිරීමට තීරණය කර ඇත.

එක්සත් රාජධානිය කේන්ද්‍රකොට ගනිමින් පිහිටුවූ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මෙම තීරණය ගනු ලැබුවේ, මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට එරෙහිව අපරාධ සිදුවෙද්දී, අවුන් සාන් සූ කී නිහඬව සිටිනවා යැයි චෝදනා කරමිනි.

2009 වසරේදී, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවුන් සාන් සූ කීට එම ගෞරය සම්මානය ලබා දෙද්දී, ඇය සිටියේ නිවාස අඩස්සියේය. ඒ වනවිට මියන්මාරයේ පැවැතියේ හමුදා පාලනයකි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS