ගෝලාන් ආපසු දෙන්නේ නෑ: ඊශ්‍රායල අගමැති නෙදන්යාහු කියයි



ඊශ්‍රායලය විසින් අත්පත් කර ගනු ලැබ සිටින සිරියාවට අයත් ගෝලාන් කඳුකරය යළි කිසි දිනෙක සිරියාවට ලබා නොදෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

ඊශ්‍රායල අගමැතිවරයා මේ බව කියා සිටියේ ඔස්ට්‍රේලියාවේදීය. ඔස්ට්‍රේලියාවට පැමිණි පළමු ඊශ්‍රායල අගමැතිවරයා වන්නේ ද නෙදන්යාහුය.

අගමැති නෙදන්යාහු ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට ඔස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් කටයුතු කර තිබුණි.
මේ අතර ඊශ්‍රායල විරෝධී විරෝධතා රැලියක් ද සිඞ්නි නුවර සංවිධානය කර තිබුණු බව ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)


 


RECOMMEND POSTS