ගිවිසුම් රැසකට අත්සන් තබති



ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ද්වී පාර්ශ්වික ගිවිසුම් රැසකට අත්සන් තැබුණි.

අත්සන් තැබුණේ බලශක්ති, ආරක්ෂක සහ වෙළෙඳ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ගිවිසුම් රැසකටය. අගමැති මෝදි සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසු ඉන්දීය හමුදාව ශක්තිමත් කිරීමට, ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක වටිනා අති නවීන තාක්ෂණයෙන් පිරි හෙලිකොප්ටර් යානා ලබා දීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් එකඟ පළ කළේ යැයි වාර්තා විය.

ඊට අමතරව, ඉන්දු ඇමෙරිකා නව වෙළෙඳ ගිවිසුමකටත්, ඉන්දීය න්‍යෂ්ටික බලශක්ති කටයුතු වැඩි දියුණු කිරීමටත්, ඉන්දියාව් ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමටත්, සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමටත් එකඟකාව පළ වී ඇත. ඉන්දීය අගමැති මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් අතර සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ හයිද්‍රාබාද් හවුස් මන්දිරයේදීය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS