ගිනි අවි නීති වෙනස් කරන්න නවසීලන්තය සැරැසෙයි



නවසීලන්තයේ ගිනි අවි සම්බන්ධ නීති වෙනස් කිරීමටත්, ගිනි අවි මිලදී ගැනීම සහ භාවිතය සම්බන්ධයෙන් තතහංචි පැනැවීමටත් නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් ගත් තීරණයට අද (18) එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

ගිනි අවි සම්බන්ධයෙන් පවතින නීති වෙනස් කිරීමට නවසීලන්ත අගමැතිනිය යෝජනා කළේ, ඉකුත් 15 වැනිදා එරට ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට එල්ල වුණු වෙඩි තැබීම මුල්කොට ගනිමිනි.

වෙඩි තැබීම කළ සුදු අන්තවාදී ඕස්ටේ්‍රලියානු ජාතික තරුණයා 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටැරැන්ට්, අන්තර් ජාලය හරහා ගිනි අවි පහක් නීත්‍යාණුකූලව මිලදී ගෙන තිබේ. ඔහු වෙඩි තැබීම කළේ එම ගිනි අවි භාවිත කරමින් යැයි පොලිසිය පවසා ඇත.

ක්‍රයිස්ට්චර්ච්හිදීය (රොයිටෙර්ස්)


RECOMMEND POSTS